විදුහල අපගේ – ජය ජය නිතියෙන

විදුහල ඩඩ්ලි සේනානායක

සදා සුමගේ – යොදා අප සැම දින

පොබවා සදා -දෙස රැස නගා

සැමදා පුදා – බැති සිත නගා

විදුහල අපගේ …

 

පොවා සිසු සිප් සතර අමයුරු

සදා දුරුකර අවිඳු ගනඳුරු

සේනානායක බලැති ගුරුකුළ

තෝලාංගමු ලක අඹර පුන්සඳ

ජය ගී ගයා ජය ගොස නගා

පුද දෙමු සදා …

 

විදුහල අපගේ ජය ජය නිතියෙන

විදුහල ඩඩ්ලි සේනානායක

සදා සුමගේ – යොදා අප සැම දින

පොබවා සදා -දෙස රැස නගා

සැමදා පුදා – බැති සිත නගා

 

විදුහල අපගේ ජය ජය නිතියෙන

විදුහල අපගේ ජය ජය වේ…