2021 අධ්‍යන වර්ෂය සඳහා 1 ශ්‍රේණියට පෙබරවාරි 15 දින ළමුන් බාර ගැනීමේ උත්සවය විද්‍යාලීය එෆ්.ඩී සේරසිංහ ශාලාවේ දී පැවැත්විණි. ඒ සඳහා විදුහල්පතිතුමන් ප්‍රමුඛ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මැතිතුමන් ද, වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සුමනසූරිය මැතිතුමන් ද,වරකාපොල ප්‍රාදේශීය සභාවේ සහකාර ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා බණ්ඩාර මැතිතුමියගේ ද සහභාගිත්වයෙන් ඉතාමත් උත්කර්ෂවත් අයුරින් සෞඛ්‍යාරක්ෂිතව සිදුකෙරිණි.

Categories: News